පටු උමගක සිරවී ජිවිතයෙන් සමු ගත් වෛදය ශිෂ්‍යා
ජෝන් එඩ්වඩ් ජෝන්ස්ගේ අති දුෂ්කර මරණය
2009 නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ පිහිටි Nutty Putty නමින් හැඳින්වෙන පටු ගුහාවක්, තරුණ වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ ජීවිතය බිලිගත් අතිශයින්ම දුක්බර ත්‍රාසජනක සිද්ධියකට සාක්ෂිය දරයි. ජෝන් එඩ්වඩ් ජෝන්ස්, 26 හැවිරිදි වයසැති මෙම වෛද්‍ය ශිෂ්‍යයා, තම සහෝදරයා හා මිතුරන් සමඟ අලුත් අත්දැකීම් සොයමින් Nutty Putty උමගට ඇතුළුවිය.මෙම උමග, අතිශයින්ම පටු හා වැරදි මාර්ග රැසකින් යුක්ත වූ භූගත ගුහාවකි. සමහර තැන්වල ගමන් කළ හැක්කේ බඩගාගෙන පමණක් වන අතර, අතිශයින්ම අසීරු තත්ත්වයන් යටතේ ගමන් කළ යුතුය. තවත් බියපත් කරවන කරුණක් වන්නේ සමහර මාර්ගවලදී ආපසු හැරීමට නොහැකි තරම් පටු වීමයි.
ගවේෂණයේදී ජෝන් වැරදි මාර්ගයකට“ උපත් ඇළ (BirthCanal)” ලෙස හඳුන්වන මාර්ගයට ඇතුල් විය. ඔහුට වැරදි මාර්ගයකට යැවී ඇති බව පසුව අවබෝධ වූයේ ඉතාමත් අසීරුවෙන් මීටර් ගානක් බඩගාගෙන ගිය පසුය. එම අවස්ථාවේදී ඔහු තම සහෝදරයාට හා අනිකුත් ගවේෂකයන්ට ඉදිරියට නොයන්නැයි පැවසීය.තවත් මීටර් කිහිපයක් ඉදිරියට ගමන් කිරීමෙන් පසුව, ජෝන් එල් (L) හැඩයකින් යුත් ඉතාමත් පටු කුහරයක සිරවිය. ඔහු හිස යටට තිබූ අතර, කිසිදු අතුරක් නොමැතිව ශරීරය සීරෙන තරම් ගැටී සිටියේය. ආපසු හෝ ඉදිරියට ගමන් කළ නොහැකි වූයේ මෙනිසාය.ඔහුගේ සහෝදරයා ඔහුව බේරාගැනීමට බොහෝ උත්සාහ කළද එය අසාර්ථක විය.
අනතුරුව, ගලවා ගැනීමෙ කණ්ඩායමක් පැමිණ පැය 24කට වැඩි කාලයක් විරාම රහිතව උත්සාහ කළහ. ලණු, කප්පි, විශේෂ උපකරණ යොදා ඔහුව ආපසු ඇදීමට උත්සාහ කළද, ශරීරය පටු කුහරයට දැඩි ලෙස සිරවී තිබීම නිසා සියලුම උත්සාහයන් අසාර්ථක විය.තමා බේරාගත නොහැකි බව තේරුම්ගත් ජෝන්, අවසන් මොහොතේ මුදවාගන්නන් සමඟ කතා කරමින් තම බිරිඳ, කුඩා දියණිය සහ පවුල ගැන සදහන් කළේය. හිස යටට සිටීම නිසා ඇති වූ කයික හා මානසික ආතතිය හේතුවෙන් හෘදයාබාදයකට ලක්ව ඔහු උමග තුළදීම අවසන් හුස්ම හෙළන ලදී.
මෙම සිද්ධියෙන් පසු Nutty Putty උමග රජය මගින් සදාකාලිකවම මුද්‍රා තැබිය. ජෝන්ගේ සිරුර උමග තුළම නිහඬ සොහොනක් ලෙසම තැබුණි. මෙම තත්ත්වය පොළොව යට සැඟවී ඇති අවදානම පිළිබඳ ලෝකයට දැඩි පණිවිඩයක් ලබා දීමට සමත් විය.ජෝන් එඩ්වඩ් ජෝන්ස්ගේ ජීවිතය බිලිගත් මෙම අති දුක සහිත සිද්ධිය, විශ්ලේෂකයන්ගේ මතය අනුව, ලෝකයේ අතිශයින්ම වේදනාත්මක සහ මනෝවිද්‍යාත්මක මරණයන්ගෙන් එකක් ලෙස සටහන් වී ඇත.මෙය අනාගත ගවේෂකයන්ට සැළකිලිමත් වීමටත්, අභියෝගාත්මක ගුහාවලට ඇතුල්වීමේදී නිසි සූදානමක් සහිතව සිදු කිරීමට අතීතයෙන් ලැබුණු කටුක පාඩමක් ලෙස ලෝකයට දැනුම් දීමට හැකිය.
Imasha sewwandi
Comments
Post a Comment