දුම්බර මිටියාවතේ සැඟවුණු රහස්
ලෝකයේ රටවල් ගණනාවක් අතරින් පැරණි ඉතිහාසයකට හිමිකම් කියන රටක් විදියට ලංකාව හැදින්විය හැක.ඈත ඉතිහාසයකට හිමිකම් කියන අපේ රටේ අපට නොදැනි සැගවුන ස්ථාන බොහොමයක් පවති.ක්‍රම ක්‍රමයෙන් දියුණු වන රට තුළ එලෙස සැඟවුණු ස්ථාන බොහොමයක් අද වන විට නැවත සොයා ගැනීමට ගවේෂකයන්ට හැකිවී ඇත.එහෙම හොයා ගත්ත තැනක් තමයි *"ලකේගල"* කියන්නේ. ලෝකයේ රටවල් ගණනාවක් අතරින් පැරණි ඉතිහාසයකට හිමිකම් කියන රටක් විදියට ලංකාව හැදින්විය හැක.ඈත ඉතිහාසයකට හිමිකම් කියන අපේ රටේ අපට නොදැනි සැගවුන ස්ථාන බොහොමයක් පවති.ක්‍රම ක්‍රමයෙන් දියුණු වන රට තුළ එලෙස සැඟවුණු ස්ථාන බොහොමයක් අද වන විට නැවත සොයා ගැනීමට ගවේෂකයන්ට හැකිවී ඇත.එහෙම හොයා ගත්ත තැනක් තමයි *"ලකේගල"* කියන්නේ.
රාවණා රජු නම් හෙළයේ මහා පුරුෂයා ලංකාද්වීපයේ බොහෝ ස්ථානවලට සබැඳිකම් දක්වයි. විටෙක ඇල්ල ප්‍රදේශය තුළ නිල් දිය පොකුණ ද විටෙක හාවා ගල කන්දේ සීතා ගුලි පිළිබඳව ද විටෙක හක්ගල කන්ද සහ සීතා එළියේ සීතා කෝවිල සම්බන්ධවද, විටෙක කොත්මලේ හා කොණ්ඩගල අබිරහස් රාවණා දොරටු සම්බන්ධව ද, සීතා දේවියෙග් කඳුළු මාවත වන චැරියට් පාත් මතද සහ ලකේගල හා රිවස්ටන් පුරා ද රාවණා රජුගේ විස්මිත පෙළහර පිළිබඳ කථා පුවත් ජනප්‍රවාද බොහෝමයක් පවතියි. ඉන් ලකේගල යනු ලංකාවේ කඳු අතරින් සම්පූර්ණයෙන්ම වෙනස් පිහිටීමක් සහිත හා ඒ අවට වූ සෙසු පිහිටීම්වල යම් අබිරහසක් තවමත් සඟවා ගෙන සිටින බව ගැමියන්ගේ හා ජනප්‍රවාදවල යම් කරුණු මතින් නිශ්චය කළ හැක. එවන් උරුමයක අබිරහස් සොයා විශේෂ සටහනක් මෙලෙස දිග හරින්නෙමි.
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයට අයත් මෙම කදු වැටිය ඓතිහාසික කතා පුවත් රැසකට හිමිකම් කියයි.මහා රාවණා යන නාමය සමග බැදි පවතින මෙම ස්ථානය බොහො පාරිශුද්ධ ස්ථානයක් බව පැරැන්නන්ගේ විශ්වාසය වේ.පර්වතය මුදුනේ රාවණා රජුගේ ආකාශ පර්යේශන මධ්‍යස්ථානය පිහිටා තිබු අතර රාවණා රජුගේ ස්භාවික බලකොටුවක් ලෙසද භාවිත කර ඇති බව විද්වත් මතය වේ.ජනප්‍රවාදයන්ට අනුව මෙය මහා රාවණා රජුගේ කාලයේදී ස්භාවික පීරමීඩයක් විදියටත් භාවිත කරලා තියෙනවා. මෙම කන්දේ පිහිටිම අනුව ඒ බව පැහැදිලි වෙනවා.එසේ විය හැකිදා
ලකේගල නම් අද මුඛ්‍ය කථා පුවතට සම්බන්ධ කන්ද යනු බැලූ බැල්මට කෙනෙකුට එහි විශේෂත්ව කිහිපයක්ම දැකගත හැකි අසාමාන්‍ය පිහිටීමකින් යුත් කන්දකි. මීමුරේ ගමට මුහුණලා පිහිටි ලකේගල බොහෝ පිරිසගේ නෙත ගැටුණ ද මෙවැනිම හැඩයකින් පිහිටි තවත් කන්දක් ලකේගල පිටුපසින් වෙනමම තිබෙන බව බොහෝ දෙනෙක් නොදනිති.
නකල්ස් නොහොත් දුම්බර රක්ෂිතය යනු හෙක්ටයාර් 21,000 ක පමණ වපසරියකින් යුත් මහා වන පියසකි. අතමිට මෙලෙවූ හැඩයකින් යුත් කඳු වැටිය නිසාවෙන් නකල්ස් ලෙසත් නිතරම මීදුමෙන් බර වූ වන පියසක් නිසා දුම්බර (දුමෙන් බර) ලෙසත් හඳුන්වන මෙහි වෙසෙන පක්ෂීන් වර්ග 128 කින් 17 ක් පමණ ලංකාවට ආවේණිකය. තවද දිවියා, අලියා, වල් උෟරා, මුවන්, උණහපුළු හා වඳුරු විශේෂ සේම සර්ප විශේෂ ගණනක් වාසය කරන නකල්ස් යනු 2010 දී ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සංරක්ෂණ වනාන්තරයකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මධ්‍යම පළාතට අයත් නකල්ස් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක දෙකටම උරුමකම් කියයි. සාම්ප්‍රදායික ගම්මාන පනහකට අධික සංඛ්‍යාවක ජනතාව නකල්ස් වන පෙතේ වාසය කරමින් හේන් කුඹුරු ගොවිතැනෙන් තම දිවිය සරිකර ගනිති. සවානා පතන් ඉළුක් හා තැනිතලා බිම් දහසක් පමණ ද කඳු 40 ක් පමණ ද පිහිටි වනපෙතේ දිය ඇළි 25 කට අධික සංඛ්‍යාවක් සමග ගුහා 5 ක් පමණ පිහිටා ඇත. සංචාරයටම සේම ක්‍රියාදාම චාරිකාවනට ද නකල්ස් කදිම තෝතැන්නකි. විශේෂයෙන් වර්තමානය වන විට අධික ජනාකීර්ණ බවින් විනාශයට පවා යන මීමුරේ අාදි ගම් පියස් සංචාරයට ඉවක් බවක් නැතිව විවෘත වීමෙන් ‘යමන්’ කියූ සැණින් අවිධිමත් චාරිකා යන පිරිසක් හේතුවෙන් නකල්ස්හි ඓතිහාසික හා පාරිසරික වටිනාකම නැති වෙමින් පවතියි.
ලකේගල අරුම පුදුම පිහිටීම ලංකාවේ වෙනත් කිසිදු කන්දක දැකිය නොහැකි අතර එම නිසාම තිබෙන ගුප්ත බවේ රහස් සොයා දුම්බර වනයේ මැදට පියමැන්නේ රාම රාවණ යුද පුවතට වඩා රාවණා නම් හෙළයේ නිරිදාණන් සතුව තිබූ බලමහිමයේ නෂ්ටාවශේෂ සමග බැඳුණු සත්‍ය අසත්‍යතාව සොයා බැලීමටයි.හුන්නස්ගිරියෙන් ලූල් වත්ත පාර දිගේ මීමුරේ දක්වා යන ගමනේදී දෝතුළුගල, දුම්බානාගල, අලියාවැටුණු ඇළ, ෆීනික්ස් ගල, නකල්ස් කඳු වැටිය සේම දකුණින් කෙහෙල්පොත්දෝරුවේගල සිට යහන්ගල, තෙළඹුගල දක්වා හරි අපූරුවට දැකගත හැක. ඒ සියලුම කඳු වක්‍රාකාරව වට වී සිටින්නේ ලකේගලට ආරක්ෂාව දෙන පරිද්දෙනි.
කෙසේ හෝ දුම්බර මිටියාවතේ ඇති කඳුවල පිහිටීමත් ඒහා සමානව ආරක්ෂාකාරීව ලකේගල පර්වත ත්‍රිත්වය හා රැහැස්සේ අබිරහස් තුළ සැඟවුණු කථා පුවතක් තවත් නොවිසඳුණු අබිරහස් ගොඩකට ඇඳ වැටුණි. සාම්ප්‍රදායික ගම් පියැසි තුළ තවමත් ජීවත් වන පැරැන්නෝ අදටත් ලකේගල ඔවුන්ගේ ගෞරව බුහුමනට ලක් කරන බව දක්නට ලැබේ. එසේම දුම්බර මිටියාවත අසංවිධිත පාරිසරික විනාශකාරී සංචාරක ඉසව්වලට ශීඝ්‍ර ලෙස පත්ව ඇති වීම දේශයේ ඉතිරි අබිරහස්වල විනාශය ළඟ බව කියාපාන්නකි. අනවසර කඳවුරු බැඳීම නිසා විනාශ වන ලකේගල ගුහා සහ කපු අටුව ලෙන ද කොමලෑව සහ රැහැස්ස ද ආරක්ෂා කළ යුතුය. රාම රාවණ යුද පිටිය වූ උයංගමුවේ තවමත් වැළලී ඇති ගුහාවල අබිරහස් සොයාගත යුතුය. ජල උද්‍යානයක් බදු උයංගමුව රාවණ ඉතිහාසයේ යුද ශිල්පයේ ප්‍රධාන ස්ථානයක් බව නොඅනුමානය.
Imasha sewwandi
Comments
Post a Comment